ඥානසාර හිමි බැහැ දැකීමට රවී හා සාලි යති
බන්ධනාගාර ගතව වැඩ සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් බැහැ දැකීම සඳහා අමාත්‍ය රවී කරුණනායක හා බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් අද (22දා) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියහ.
ඉන් අනතුරුව අදහස් දැක්වූ රවි කරුණනායක මහතා සඳහන් කළේ උන්වහන්සේට ලබාදී ඇති සිර දඬුවම සාධාරණද නැත්ද යන්න පිළිබඳව සිතා බැලිය යුතු බවයි.
"අපි දන්නවා ඥාණසාර හිමියන් සම්බන්ධව ඇතිවී තිබෙන ගැටළුව. එම ගැටළුව නිරාකරණය කළයුතුයි. ඒ හිමියන්ට ලබාදී ඇති දඩුවම් සාධාරණද නැද්ද කියලා සිතා බැලිය යුතුයි. අසාධාරණ තත්ත්වයක් ඇති වුණොත්, මේ තිබෙන ගැටළුව තවත් බැරෑරුම් වෙනවා.
අපි නිතරම සැබෑ තත්ත්වය තේරුම්ගෙන ක්‍රියාකළ යුතුයි. නමුත් සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි. ප්රශ්නය ආසන්නයේම තිබෙන වෙනත් කාරණයක් ඉලක්ක කරගෙන, ඒ සාධකයට ප්‍රශ්නයක් ඇතිකරගෙන දගලනවා. වැඩ කරන කෙනාට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා මේ රටේ. ඔවුන්ට වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේකම තමයි මටත් ඇතිවෙලා තිබෙන ගැටළුව”

popular news
-
ranga Wednesday, 22 May 2019 07:18 PM
මෙයාව එලියට ගන්න ද්‍රවිඩ සහ මුස්ලිම් ජනයාට මෙතරම් අවශ්‍යතාවක් ඇත්තේ ඇයි?
Reply : 0 0
Koralage Thursday, 23 May 2019 06:57 AM
ඔය හාමුදුරුවෝ මුණගැහෙන්න දැන් හිතුනේ කරපු පව් සෝදා ගන්න වෙන්න ඇති . එත් ඉතින් ප්‍රමාද වැඩියි. ඔය කාගේත් කිල්ලෝට ගැන හාමුදුරුවෝ දන්නවා
Reply : 0 0
Champa Thursday, 23 May 2019 10:13 AM
අලුත් ගේමකට සෙට් වෙනවා වගේ. දැන් ඥානසාර හාමුදුරුවෝ එක්ක ඉන්නේ රවී කරුණානායක, අසාත් සාලි, තොන්ඩමන් එහෙම. රිෂාඩ් බතියුදීන් හම්බ වෙන්නේ කවදද දන්නේ නැහැ. ඔහොම ගිහින් සුමන්තිරනුත් යයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

